මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි – ඇමති ප්‍රසන්න රණතුංග

Spread the love

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉන්නේ පොහොට්ටුව සමග බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනය සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පිළිබදව කිසිදු විශ්වාසයක් ජනතාවට නැතැයි අවධාරණය කළේය.

අද (10) මහර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ අපිට එජාපය හෝ සමගි ජන බලවේගය සමග කිසිම තරගයක් නෑ. මොකද එජාපය මුලින් රණ්ඩු වුණා ලකුණට. අලියා කාගේ ද කියලා. පස්සේ රණ්ඩු වුනා සිරිකොතට. දැන් රණ්ඩු වෙනවා පාටට. ඒ අයට මේ රට ගොඩනගන්න වැඩපිළිවෙලක් නෑ. රනිල් ඉදලා හිටලා රට ගොඩගන්න හැටි කිවුවට ජනතාව දන්නවා ඒවා සම්ප්ප්‍රලාප විතරයි කියලා.

පසුගිය අවුරුදු හතරාමාරේ කරන්න බැරි වුණ දේවල් රනිල් – සජිත් කරන්නේ කොහොමද? රටක් දේශපාලන වශයෙන් ස්ථාවර වුණොත් තමයි රට සංවර්ධනය වෙන්නේ. ඒක නායකයන්ගේ චින්තනය අනුව වෙනස් වෙනවා. යුද්ධය තියෙන කාලේ පුතාණෝගේ පියාත් කටයුතු කළේ කොහොමද කියලා රටම දන්නවා.

තාත්තා 88 – 89 භීෂණය කළේ රටේ තරුණ තරුණියෝ දහස් ගාණක් මරනකොට ඒක බලන් හිටපු කෙනෙක් තමයි සජිත්. පුතාණෝගේ පියාණන්. තමයි කොටින්ට යුද්ධ කරන්න ආයුධ, සල්ලි, සිමෙන්ති දුන්නේ. එහෙම කරපු පියාණෝගේ පුතාණෝ තමයි අද මේ රට වෙනුවෙන් රෑට රෑට ගෙවල් වලට එනවා කියලා කියන්නේ. මේ වගේ විහිළුකාරයන්ට නැවත මේ රටේ ජනතාව රැවටෙන්නේ නෑ.

රටක අනාගතය පවතින්නේ රටේ නායකත්වය ගනු ලබන තීරණ මතයි. ඒ නිසා රටට ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා හැකි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුයි. දෙපැත්තට අදින ආණ්ඩු පත් කර ගත්තොත් රටම විනාශයි. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ නිසා යහපාලනය රටට කරන විනාශය නතර කර ගන්න අපිට හැකියාව ලැබුණා. දැන් තියෙන්නේ ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක  කළ හැකි ආණ්ඩුවත් බලයට පත් කර ගැනීමයි.

මම දැක්කා සජිත් පුතාණෝ කියලා තියෙනවා එයා තමයි අගමැති කියලා. ඕන කෙනෙකුට හීන දකින්න පුළුවන්. එයා අගෝස්තු සිහින අගමැති වෙද්දි මේ රටේ ජනතාවගේ කැමැත්තෙන් රටේ අගමැතිවරයා ලෙස නියත වශයෙන් ම පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. ගෝඨාභය – මහින්ද සුසංයෝගය හැර මේ රට ගොඩනැගිය හැකි වෙනත් කිසිවෙකු නෑ.

මනාප තෝරගන්න කොට පරිස්සම් වෙන්න. මනාප තෝරන හැමෝම පොහොට්ටුව නෙමෙයි. ඒ නිසා තමයි මම කියන්නේ නියම පොහොට්ටුකාරයන් පමණක් දිනවන්න කියලා.

එදා මෛත්‍රී කළේ වෛරක්කාරී දේශපාලනයක්. රාජපක්ෂලා හිරේ දැම්මා. මහින්ද මහත්තයා එක්ක ඉන්න බොහෝ දෙනෙක් බොරු චෝදනා කරලා හිරේ දැම්මා. එහෙම වෛරයකින් වැඩ කරපු කෙනා එක පාරටම මොකද මේ පොහොට්ටුවෙන් තරග කරන්න ආවේ. අපි හදන ඊළග ආණ්ඩුව තුළට ඇවිත් අපේ එක එක්කෙනා බිලී බාගෙන අතරමැද දී අපේ කණ්ඩායමත් කඩාගෙන වෙන පැත්තකට යන්න පුළුවන්. මම අනාගත අවධානමක් ගැනයි කිව්වේ.

මම කිසිම තැනක කිව්වේ නෑ ශ්‍රිලනිපයට ගෑවුණු කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලා. මමත් හොද ශ්‍රී ලංකාකාරයෙක්. අපි ශ්‍රිලනිපය රැක්ක මිනිස්සු. අපි කවදාවත් පාවා දුන්නේ නෑ. මෛත්‍රී පක්ෂයේ සභාපති වුණ ගමන්  ශ්‍රිලනිපය අලියගේ නැට්ටේ ගැටගැහුවා. මිනිසුන්ට යන්න තැනක් නැති නිසයි අපි පොහොට්ටුව හැදුවේ. පොහොට්ටුවට නියම ශ්‍රීලනිප පාක්ෂිකයන් එකතු වූ නිසයි අද පොහොට්ටුව ශක්තිමත් වී තිබෙන්නේ. පැන පැන ගිය අය තමයි අනිත් පැත්තේ ඉන්නේ.  පිරිසිදු ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි.

පළාත් පාලන මැතිවරණයේ තනියම තරග කරන්න ඕනේ කියන ස්ථාවරයේ අපි හිටියා. අපේ ජයග්‍රහණයේ ආරම්භය පළාත් පාලන මැතිවරණයයි.  ජන බලය ගොඩනැගෙන්නේ පොහොට්ටුව වටායි. එජාපයට, ජවිපෙට අද යන එනමං නෑ.”

RSL

Related Posts