භාරත ඝාතනය කුමන්ත්‍රණයක් බව වාසුදේව සැක කරයි

Spread the love

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ කුමන්ත්‍රණයක් තිබූ බවට සැකකළ හැකි බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිය අමාත්‍යාංශයේදි අද (19 ඔක්.) තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද අමාත්‍යවරයා කියා සිටියි.

එහිදී ඝාතනය කුමන්ත්‍රණයක් පිළිබඳව පොලිස් නිලධාරින් තමන්ගෙන් කරුණු නොවිමසු බවත්, තමන් ඒ පිළිබඳව ඔවුන්ට ප්‍රකාශයක් නොකළ බවත් පවසන අමාත්‍යවරයා විනාඩි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් සමඟ සාකච්ඡා කළ බවත් පුවත්පත්වල පල වූ ඇතැම් දේ ගැන හා ආගිය තොරතුරු ද එම සංවාදයට විෂය වූ බවත් පවසයි.

භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතන සිද්ධිය ගැන තොරතුරු දන්නා ප්‍රමාණයෙන් ප්‍රකාශ කරන්නැයි මෙහිදි එම නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් ඔහු පවසා ඇත්තේ තමන් එම සිද්ධිය පිළිබඳව කිසිඳු තොරතුරක් නොදන්නා බවය.

RSL

Related Posts