බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට

Spread the love

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ,ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැණීම පිණිස සභා ගත කිරීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා අද (21) පියවර ගනු ලැබීය.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට කිසිදු බාධාවක් නොවන බවට තමා විශ්වාස කරන බවද එතුමා පාර්ලිමේන්තුවේදී පැවසූ බව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වෝහාරික විගණන වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ලැබී තිබුණු අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත ඒය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත් හිටුවීමට ගරු කථානායකතුමා පියවර ගෙන තිබුණි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට ,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර ,ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කර ඒ සදහා දිනයක් ලබා දෙන බවද එතුමා පැවසීය.

RSL

Related Posts