බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා Rapid antigen test ස්ථාන 11කදී

Spread the love

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  Rapid antigen test සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය.

නව තීරණය ගැන වැඩිදුරටත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවත් සදහන් කළේය.

නව තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීම බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා මේ දක්වා සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 14 දෙනෙක් හඳුනාගත් බව ද සදහන් කළේය.

මේ වනවිට ස්ථාන 4කදී එම පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුවිය.

RSL

Related Posts