පොළොන්නරුවේ වී ඇටයක්වත් මණ්ඩලේට විකුණලා නෑ

Spread the love

රජයේ සහතික මිලට වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 18ක් විවෘත කර සතියක පමණ කාලයක් ගත වුව ද තම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන වෙත එක වී ඇටයක් හෝ නොලැබුණ බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා ප්‍රකාශ කළ බව ක.ග. කරුණාරත්න මහතා විසින් අද (04) දින ලංකාදීප ඊ පුවත්පතට ලබා දුන් ප්‍රවෘත්ති වාර්තාවක සදහන් වෙයි.

එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ පොළොන්නරුව ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකරන්නේ පෞද්ගලික වෙළෙදුන් විසින් රජයේ සහතික මිල වන රුපියල් 50ට වඩා වැඩි මිලකට වී මිලදී ගැනීම බව නිමල් ඒකනායක මහතා සදහන් කළ බවයි.

ප්‍රමිතියෙන් යුත් වී කිලෝවක් රජයේ සහතික මිල වන රුපියල් 50 බැගින් මිලදී ගන්නා බවත් ඒ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 5000ක උපරිමියක් මිලදී ගැනීමට රජය පියවර ගන්නා බවත් නිමල් ඒකනායක මහතා පවසා ඇත.

මේ අතර කීඩෑ හානියට ගොදුරු වීම නිසා මෙවර යල කන්නයේ අපේක්ෂිත වී අස්වනු නොලැබුණු බවට ගොවීන් විසින් සදහන් කළ බව ද අදාළ වාර්තාවේ වැඩි දුරටත් සදහන් වෙයි.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක සදහන් වූයේ මෙවර යල කන්නයේ වැඩිම වී නිෂ්පාදනයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු වන බවයි.

RSL

Related Posts