ඊයේ (03 නොවැ.) කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමින් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව නොදන්නා බැවින් සමූපකාරයට පෞද්ගලික අංශයෙන් බඳවා ගැනීමට තීරණය කර ඇති බවයි.
“අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ව්‍යාපාර ගැන දන්නේ නැ. එහෙමනම් රාජ්‍ය නිලධාරීන්ව දාන්න පුළුවන් ව්‍යාපාර කරන්න. රාජ්‍ය නිලධාරි ඉන්නේ පරිපාලනය කරන්න. අපි තීන්දුවක් අරන් තියෙනවා ජාතික මණ්ඩලය හරහා ඒවට අවශ්‍ය කරන පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි සමූපකාරයට බැරි”
Loading...