පසුගියදා සම්මත කරගත් පාඩු ලබන ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ රෙගුලාසි වලට සිය සමාගම නොවැටෙන නිසා එවැනි පවරා ගැනීමක් නීති විරෝධී විය හැකිබව පැල්වත්ත සීනි සමාගම පවසා තිබේ.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් මෙම සමාගම පවසා තිබෙන්නේ නව පනත මගින් පැල්වත්ත සීනි සමාගම පවරා ගැනීමට දක්වා තිබුණත් එම පනත මගින් පවරා ගැනීමට බලය ඇත්තේ මීට වසර විස්සකට පෙර පුද්ගලික අංශයට පැවරූ ඉඩම් පමණක් බවත් පැල්වත්ත සීනි සමාගමට රජය විසින් ඉඩම් පවරා තිබෙන්නේ වසර විසි පහකට පෙර බවයි.මේ නිසා, මෙම පනතට අදාළව පැල්වත්ත සීනි සමාගමේ ඉඩම් පවරා ගැනීම නීති විරෝධී විය හැකිබව සමාගම පවසා තිබේ.
එබැවින් මෙම ඉඩම් නැවතත් සමාගමට ලබාදෙන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා ඇති අතර රජය විසින් මීට වසර විසි පහකට පෙර පැල්වත්ත සීනි සමාගමට කල්බදු පහසුකම යටතේ ලබාදී තිබෙන හෙක්ටයාර් ප්‍රමාණය 4,302 කි.