කිසිදු පාලනයකින් තොරව වෙබ් අඩවි ක්‍රියාත්මක විම තුළ ඒවායේ අසත්‍ය ප්‍රචාර හරහා රටේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බැවින් එම වෙබ් අඩවි පාලනය කිරීම කාලීන අවශ්‍යතාවක් බැව් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන් ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් එම වෙබ් අඩවි පසුගිය වකවානුව තුළ සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් රටේ කීර්තිනාමයට හානි රැසක් සිදුව ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.