ශ්‍රී ලංකාවේ  16 වැනි පාර්ලිමේන්තුවේ    නියෝජ්‍ය කථානායක ධූරය තෝරා පත් කර ගැනීම සඳහා  මේ වන විට ඡන්ද විමසීමක් පැවැත්වේ. මෙම ඡන්ද විමසීම සඳහා හජන මුදල් කෝටි නමයක පමණ ප්‍රමාණයක්  වැයවෙතැයි පැවසේ.

අද පාර්ලිමේන්තුව  රැස් වූ අවස්ථාවේදී  සමගි ජන බලවේගය විසින්  පාර්ලිමේන්තු  මන්ත්‍රීනී රෝහිණී කවිරත්න   මහත්මියගේ නම යෝජනා කළ අතර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් රාජපක්ෂ මහතාගේ  නම යෝජනා කළේය.

ඡන්ද විමසීම  මේ වන විට  අවසන්ව ඇති බැවින්  ඡන්ද ගණන් කිරීමේ කටයුතු  සිදුවෙමින් පවතී.