පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා රැස්වේ

Spread the love

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

අභියාචනාධිකරණයේ ඇතිවී තිබෙන පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙන නාම යෝජනා සහ පොලිස්පති තනතුර සඳහා සිදු කර ඇති පත්කිරීම් පරික්ෂාවට ලක් කිරීම එහිදී සිදු කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා  සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු පාර්ලිමේන්තු සභාව නියෝජනය කරති. එහි ලේකම් ධූරය හොබවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනි.

RSL

Related Posts