පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම ඇරඹේ

Spread the love

මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන ආකාරයට හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පි. සුමනසිරි සදහන් කළේ ඡන්ද රාජකාරි කටයුතු සදහා රජයේ නිලධාරීන් 20,000 ක් පමණ යොදවා සිටින බවයි.
මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරෙන කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කළේය.
පළාත් පාලන ආයතන 23 ක මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 1,167කදී හෙට පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 14 ක් ක්‍රියාත්මකවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කළේය.

RSL

Related Posts