පනත සම්මත වුණොත් ලේඛනගත ව්‍යාපාර ඉබේම රජයට

Spread the love

ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මෙසේ පැවසීය.

“කුමන ව්‍යාපාරද කුමන වත්කම් ද අත්කරගන්නේ කියලා නිර්නායක කිහිපයක් මේ පනතේම සඳහන් වෙලා තියෙනවා. දෙවැනි වගන්තියේ සඳහන් වෙලා තියෙනවා නීතිය සම්මත වූ විගසම කථානායකවරයාගේ අත්සන ලැබුණු පසු අර උපලේඛනයේ සඳහන් වත්කම් හා ව්‍යාපාර කෙලින්ම රජයට පැවරෙනවයි කියලා. එතකොට අර නිර්නායකවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ නිර්නායක දාලා තිබුණට ඒ මත කිසියම් තැනැත්තෙක් පරීක්ෂණයක් හෝ විභාගයක් හෝ විමර්ශනයක් පවත්වන්නේ නැහැ ඒ ඉඩම් අයිතිකරුවන්ට ව්‍යා‍පාර අයිතිකරුවන්ට යම් කිසි කරුණක් ඊට එරෙහිව දැක්වීමට අවස්ථාව නැහැ ස්වාභාවික යුක්ති ධර්මයේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිවයි මෙය සිදුවන්නේ”

RSL

Related Posts