මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරමින් පක්ෂයට එරෙහිව කටයුතු කරන සාමාජිකයින් නෙරපීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව එම ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් එක්සත් ජාතික පක්ෂය තුළ මෙතෙක් දැරූ සාමාජිකත්වය සහ තනතුරුවලින් ද ඉවත් කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
මීට අමතරව ඉදිරියේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කළහොත් එහිදී පක්ෂ විනය කමිටුව වෙත යොමු කිරීමෙන් අනතුරුව සාමාජිකත්වය ලබාදීමට කටයුතු කරනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Loading...