නොවැම්බර් මාසයේ 4.6%කින් උද්ධමනය ඉහළට

Spread the love

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 10.0හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 10.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 2020 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 1.3හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 1.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස 2020 නොවැම්බර් මාසයේ දී සියයට 4.6හි නොවෙනස්ව පැවතුණි.

2020 නොවැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.4ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි ලොකු ළූණු, රතු ළූණු සහ අර්තාපල් මිල ගණන් ඉහළ ගියේය. එසේ වුවද, මාසය තුළ දී පළතුරු, සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන (බස් ගාස්තු) උපකාණ්ඩයෙහි දක්නට ලැබුණු මිල ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2020 නොවැම්බර් මාසයේ දී වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ දී සියයට 3.0හි නොවෙනස්ව පැවතුණි. එසේ වුවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 3.4හි සිට 2020 නොවැම්බර් මාසයේ දී සියයට 3.2 දක්වා පහළ ගියේය.

RSL

Related Posts