නුවරඑළියට සාපයක් වූ දූෂිත පාලනය අවසන් කරනවා – හිරන්‍යා හේරත්

Spread the love

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොදු ජනතාවට සාපයක් වූ තොණ්ඩමන් – දිසානායක දූෂිත පාලනය මෙම මහ මැතිවරණයෙන් අතුගා දමන බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ පැවැති  ජනහමුවකදී ඇය මේ බව පැවසුවාය.

දශක කිහිපයක් පුරා තොණ්ඩමන් ආධිපත්‍යය යටතේ තිබූ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වතු ජනතාවට කිසිදු සෙතක් නැතැයි කී හිරන්‍යා හේරත් මහත්මිය තම පවුලේ හා හිතමිතුරන් සමග වතු කම්කරුවන්ගේ මුදල්  හිතූ මතේ වියදම් කරමින් වතු කම්කරු ජනතාව වෙනුවෙන් කිසිඳු සේවයක් නොකළ බවට චෝදනා කළාය.

එහිදී ඇය වැඩි දුරටත් කියා සිටියේ නවීන් දිසානායක මහතා ඇමැතිකම් දරලා නුවරඑළියට ගෙන ආ සංවර්ධනය කුමක්ද ? ඔවුන් මේ නුවරඑළියේ තරුණ – තරුණියන් කී දෙනකුට රැකියා දීලා තියෙනවා ද ? ඔවුන්ගේ අනාගත දියුණුව වෙනුවෙන් පාසල්, වෘත්තීය පුහුණු ආයතන ආරම්භ කරලා තියෙනවාද ? කිසිවක්ම නැහැ. ඒ වෙනුවට ඔවුන් කළේ කොළඹට වෙලා සුරසැප විඳින එක පමණයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහත්මිය පැවසූවේ, අගෝස්තු මාසසේ 05 වැනිදාට ඡන්ද පොළට ගිහින් දුරකථනය ඉදිරියෙන් කතිරය ගසා ඔබට යුක්තිය ඉටුකරවා ගත හැකි ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා මෙම රාජපක්ෂ – රනිල් – තොන්ඩමන් හවුල් පෙරළා දමන ලෙසය.

දැන් රනිල්ලා, රවීලා නෑ. වජිර අබේවර්ධනලා නෑ. සාගල රත්නායකලා නෑ. ඔබට ආත්මාභිමානයක් ඇතිව ඡන්ද පොළට යාමට දැන් හැකියාව තිබෙනවා. දැන් ඔබගෙන් බලය ඉල්ලන්නේ දශක ගණනාවක් ඔබ බලා සිටි සජිත් පේ‍්‍රමදාස කියන තරුණ පොදුජන නායකයා. වතු ජනතාවට, පොදු ජනතාවට දැවැන්තම සේවය කළ ආර්. පේ‍්‍රමදාස මහතාගේ සුජාත පුත‍්‍රයා.

ඒ නිසා ඒ පොදුජන නායකයා වෙනුවෙන් සේම ඔබ වෙනුවෙනුත් යුක්තිය ඉටුවිය යුතුයි. ඒ සඳහා අවසන් අවස්ථාව තමයි මේ

RSL

Related Posts