රටේ නායකයින් බිහි වන්නේ මැතිවරණයකින් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තමිළ් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු සඳහන් කළේ අරගලවලින් නායකයින් නිර්මාණය කළ නොහැකි බවයි.
සමහරුන්ට පැය 13 ක් විදුලිය නොමැතිවීම අරගලක් වුවද, නැගෙනහිර පළාතේ මිනිසුන් මහ පොළොව සහ මහ මුහුද සමඟ ජීවත්වීමට අරගල කරන බවත්, පිල්යාන් මන්ත්‍රීවරයා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ තමන් ඇතුළු පිරිස උත්සාහා කරන්නේ එවැනි දුක්විඳින මිනිසුන්ගේ අරගලය ජයග්‍රහණය කරනවන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවීමට බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
කැරලිවලින් ඇතිවන්නේ විනාසයක් බවත් නැගෙනහිර පළාතේ මිනිසුන් එය අත්විඳ තිබුනද දකුණේ තරුණ පිරිස් වෙත එවැනි අද්දැකීමක් නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.