නව පොලිස්පති සිය ධුරයේ රාජකාරී අරඹයි

Spread the love

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩ ආරම්භ කළේය. 

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා මේ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ. 

1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවයට එක් වූ වික්‍රමරත්න මහතා වසර 34ක සේවා කාලයක් මේ වන විට සපුරා ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන ඇත.

RSL

Related Posts