නව නාවික හමුදා කඳවුරු ස්ථාන ගත කෙරේ

Spread the love

ශ්‍රී ලංකා නාවික හමුදාව දැනට පවතින කඳවුරුවලට අමතරව නව කඳවුරු ස්ථාන ගතකිරීම් කිහිපයක් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව නාච්චිකුඩා, පානම සහ මුලතිව් යන ස්ථානවල නාවික හමුදා කඳවුර ආරම්භ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය මහතා පවසා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ආඥාවකට අනුව කඳවුරු ස්ථාන ගතකිරීම් කිරීමට තීරණය කළ බවය.

මෙම කඳවුරු ඇති කිරීමේ අරමුණ පිළිබඳව හෙතෙම පැහැදිලි කරමින් සඳහන් කර ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී මසුන් මැරීමේ යෙදීම වැනි කටයුතු වළක්වා ගැනීම සඳහාත් මෙම කඳවුරු ස්ථාන ගතකිරීමට තීරණය කළ බවත්, එක් එක් නාවික විධානයට අයිති ස්ථීර අණදෙන කඳවුරු ලෙසට අවශ්‍ය වුවොත් ඒවා භාවිත කරන බවත්ය.

RSL

Related Posts