ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද නගර හා ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබද අධිකරණ තීරණය අද පෙරවරුවේ කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.
එහි දැක්වුණේ පනත් කෙටුම්පත පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණකට සම්බන්ධ බවය.
එම නිසා මෙය සෑම පළාත් සභාවකටම යොමු නොකළහොත් එය නීතියක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එසේම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ( උ ) 3 ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල නොවන පරිදි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුලත් කොට ඇති බැවින්, අධිකරණය මේ අවස්ථාවේ කලින් ඉදිරිපත් කර ඇති සෙසු නෛතික කාර්යයන් පිළිබද තීරණයක් ලබා නොදෙන බව ද එහි දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද දින කාර්යය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට නියෝග කරන බවද කථානායකවරයා සභාව හමුවේ ප්‍රකාශ කළේය.