දේශපාලන පක්ෂ වලට රට නටවන්න ඉඩ දෙන්න බෑ

Spread the love

එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහට රටෙි ප්‍රතිපත්ති මාරු කිරීමට ඉඩ ලබානොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව වසර 25 කට වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට එක්විය යුතු බව ද  එජාප සභාපතිවරයා පැවසීය.

දේශපාලන පක්ෂ නායකයන්  ළඟ රට ගොඩනැඟීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් තිබේ නම් ඒවා හංගාගෙන නොසිට වහා රටට ඉදිරිපත් කරන ලෙස ද වජිර අබේවර්ධන මහතා කීය.

රට පත්ව තිබෙන  ව්‍යසනයෙන් ගොඩගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුලුවන්දැයි   ඇතැම් අය ප්‍රශ්න කරන බව කී එජාප සභාපතිවරයා බලයට පත්වී ගතවූ කෙටි කාලය ඇතුළත ජනාධිපතිවරයා වචන වලින් නොව ක්‍රියාවෙන්ම රට ගොඩනැගීමට එතුමාට ඇති හැකියාව ඔප්පු කර පෙන්වා තිබෙන බවද පැවසීය.

RSL

Related Posts