දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් – ඩිව් ගුණසේකර

Spread the love

කම්කරු නායක එම්.ජී.මෙන්ඩිස් සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකදී මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසුවේ දේශපාලනයට පාතාලය ඇතුළුවීම කණගාටුවට කරුණක් බවයි.
රජ්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යලයේදී එය පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මෙසේ සඳහන් කළේය.

“එම්.ජී.මෙන්ඩිස් මේ රත්ගම හිටිට එම්.ජී.මෙන්ඩිස් තමයි ඒ පාතාල ලෝකයත් එක්ක හැප්පිලා විප්ලවවාදී වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාතාල ලෝකය එක්ක හැප්පිලා. අද කණගාටුයි කියන්න ඒ පාතාල ලෝකය අද ඇවිල්ලා දේශපාලන දොරට තට්ටු කරනවා. අපිට දේශපාලනයට ඇතුල්වෙන්න ඕනේ කියලා. සමහර අය ඇතුල්වෙලත් ඉන්නවා. ඒ නිසා වමේ අපි මේ පාතාල ලෝකයට විරුද්ධව අපි ආණ්ඩුවටත් කාටත් කියන්නේ පාතාල ලෝකයත් එක්ක ඔවුන්ට දේශපාලනයට අවතීර්න වෙන්න දෙන්න එපයි කියලයි.”

RSL

Related Posts