දෙසැම්බර් 31 වනවිට 800,000 ක් සංචාරයකයින් – ලක්ෂ්මන් යාපා

Spread the love

දෙසැම්බර් මස 31 වන දින වනවිට සංචාරකයින් 800, 000 සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

පසුගිය මාස 11 ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ 22. 2% ක වර්ධනයක් දක්නට ලැබුණු බව ද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ 750, 000 නොවැම්බර් මස 24 වන දින වනවිට සම්පූර්ණ වූ බවද හෙතෙම පැවසීය.

මහනුවර දළදා මාළිගාව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය 44% න් වර්ධනය වී ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මෙවර සංචාරක ව්‍යාපාරය තුළ නව සෘජු රැකියා අවස්ථා 12, 000 ක් උත්පාදනය වී ඇති බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

RSL

Related Posts