දිවි නැගුම දෙවැනි අදියර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (27 ඔක්.) බියගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාවරමණ්ඩිය ප‍්‍රදේශයේ ඔබවත්ත හෙයියන්තුඩුව ග‍්‍රාමයෙන් ආරම්භ විය.
මීට සමගාමීව මහ කන්නය සඳහා බීජ හා රොපන ද්‍රව්‍ය සිටුවීම හෙයියන්තුඩුව ග‍්‍රාමයෙන් පී. වසන්තා කුමුදුණි මහත්මියගේ ගෙවත්තේදී සිදු විය.
වසර 2010 අයවැය යෝජනා අනුව ගෘහ ආර්ථික ඒකක දශ ලක්‍ෂයක් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙලේ ප‍්‍රායෝගික කි‍්‍රයාකාරීත්වය ලෙස දිවි නැගුම වඩසටහන කි‍්‍රයාත්මක වේ.
දිවි නැගුම වැඩසටහන යටතේ කෘෂිකාර්මික සංවර්ධන, ධීවර සංවර්ධන හා කර්මාන්ත සංවර්ධන යන අංශ ඔස්සේ කි‍්‍රයාත්මක අතර, මෙහි පළමු අදියරේදී ග‍්‍රාමසේවා වසමකින් පවුල් 100ක් තෝරාගත් අතර දෙවැනි අදියර යටතේ එක් ග‍්‍රාමසේවා වසමකින් පවුල් 150ක් තෝරා ගැනීමට නියමිතය.
Loading...