දැරියක අපයෝජන කළැයි චෝදනා ලද චීවරධාරීයෙකු අත්තඩංගුවට ගන්නැයි නියෝග

Spread the love

චීවරධාරීයෙකු විසින් 13 හැවිරිදි දැරියක් වරින්වර ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඊ‍යේ (12 සිකුරාදා) මිහින්තලය පොලීසිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මිහින්තලය රජ මහාවිහාරස්ථානයේ නායක හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විසින් නියෝග කර තිබේ.

මෙම චීවරධාරියාට එරෙහිව  වන චෝදනා විභාගයට ගනිමින් විනිසුරුවරිය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද දැරිය පරිවාස භාරයට පත්කරන ලෙසද විනිසුරුවරිය විසින් නියෝග කරන ලදී.

කෙසේවුවද චෝදනාවට ලක්වී ඇති චීවරධාරියා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

RSL

Related Posts