දරුවන් කොරෝනා ප්‍රවාහකයින් ද ? අලුත් සමීක්ෂණයක ප්‍රතිඵල කියමු

Spread the love

කොරෝනාවෛරසය දරුවන්ට පහසුවෙන් ආසාදනය නොවන අතරම ඔවුන් වෛරස් ප්‍රවාහකයන් වන බවට මතයක් පවතින නමුත් ළමුන් සමඟ ගතකිරීම Covid-19 වෛරසය ආසාදනය වීම අතින් දරුණු අනතුරුදායක තත්වයක් නොමැති බව අළුත්ම පර්යේෂණ වාර්තාවකින් පැවසෙයි.

පසුගිය පෙබරවාරි සහ අගෝස්තු මාස අතර සිදුකරන ලද එම සමීක්ෂණය මගින් එවැනි නිගමනයට පැමිණ තිබෙන්නේ ළමුන් සමඟ සහ ළමුන්ගෙන් ඈත්ව සිටින පුද්ගලයන් වශයෙන් ජීවත්වෙන වයස අවුරුදු 65ට අඩු වැඩිහිටියන් අනූලක්ෂයක තොරතුරු ඔවුන් වෛරසය බෝවීම අතින් මුහුණදෙන අනතුරුදායක තත්වයන් සමඟ සංසන්දනය කිරීම මගිනි.

වයස අවුරුදු 18ට අඩු වයසේ ළමුන් සමඟ එකම නිවසක ජීවත්වීම කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් බරපතල මට්ටමින් රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ අනතුරක් එල්ල නොකරන බව ඉහත කී සමීක්ෂණය මගින් පෙන්නුම් කරයි.

“ළමුන් පාසලේ සිට ගෙදර පැමිණීම මගින් වෛරසය නිවසේ සෙසු අයට බෝවීමක් සිදුවෙන්නේ නැහැ,” එම සමීක්ෂණයට හවුල් වූ විද්‍යාඥයෙක් පවසයි.

covid
Covid-19 ආසාදනය වුනත් ළමුන් තුළ රෝග ලක්ෂණ ප්‍රදර්ශනය නොවීමේ ඉඩකඩක් පවතී

‘ජීවත්වීම හැදෑරීම’

ඉහත කී සමීක්ෂණය සිදුකරනු ලැබ තිබෙන්නේ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනය (LSHTM) සහ ඔක්ස්ෆර්ඩ් සරසවිය (University of Oxford) විසිනි. එම හැදෑරීම මගින් අනාවරණය වී තිබෙන්නේ, ප්‍රාථමික පාසල්වල පන්තිවලට සහභාගි වෙන බාලවයසේ දරුවන්ගෙන් නිවසේ වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනය වීම හෝ රෝහල්ගතවීම අතින් වැඩි අනතුරුදායක තත්වයක් මතු නොකරන බවය.

සමීක්ෂණයේ දී ඉස්මතු වූ තවත් කරුණක් වූයේ, ළමුන්ගෙන් තොරව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 25%කින් පමණ අවම වන බවකි.

ද්විතීයික පාසල් අධ්‍යයන වියේ පසුවෙන ළමුන් සමඟ ජීවත්වෙන වැඩිහිටියන්ට Covid-19 වෛරසය ආසාදනයවීම අතින් ඇත්තේ කුඩා අන්තරායකි. එය 8%ක් පමණක්ය යන්න සමීක්ෂකයන්ගේ නිගමනය වෙයි. එහෙත් එම අනතුරත් රෝහල්ගත කරනු ලැබීමට තරම් දරුණු එකක් නොවේ.

එසේම ළමුන්ගෙන් ඈත්ව ජීවත්වෙන වැඩිහිටියන්ට වඩා ළමුන් සමඟ ජීවත්වෙන සම වයසේ වැඩිහිටියන් සාපේක්ෂව ඇතැම්විට වඩාත් නිරෝගීවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන හෙයින් ඔවුන් කොරෝනාවෛරසයෙන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ 27%ක් තරම් පහල මට්ටමක පවතී.

දුම්බීම, සමාජ-ආර්ථික දුෂ්කරතා, ජනවාර්ගිකත්වය සහ නිදන්ගත සෞඛ්‍ය ප්‍රශ්න ආදියත් සමීක්ෂකයන් විසින් සැලකිල්ලට ගනු ලැබ ඇත.

මහා හානියක් නැහැ

සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයකු වන ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලන්ඩන් විද්‍යාතනයේ (LSHTM) මහාචාර්ය ලියෑම් ස්මිත් මෙසේ සඳහන් කරයි.

“දරුවන් සමඟ ජීවත්වෙන ජනතාව පොදුවේ වඩාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බව අපි දන්නවා. කවර හේතුවක් නිසා හෝ එවැනි වැඩිහිටියන් මරණයට පත්වීමට ඇති අනතුර පහල මට්ටමක පවතිනවා.”

“රෝහල්ගත කරනු ලැබීම සහ මරණ වැනි නරක කෝවිඩ් ප්‍රතිවිපාකවල ඉතාම සමාන රටාවක් අපි දකිනවා. ඉතින්, දරුවන් පාසලේ සිට ගෙදර පැමිණීම නිසා වෛරසය පැතිරීම අතින් පවතින සමස්ත අනතුරක් අපට පේන්නේ නැහැ,” මහාචාර්ය ස්මිත් පවසයි.

covid
දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි.

“අපට පාසල් විවෘතව තබාගැනීමට හැකිනම්, බොහෝ දෙනෙක් කැමැති වෙනවා ඇති. පාසල් පවත්වාගෙන යාම අපේ ළමා පරපුරට ඉතාම වැදගත්. සිදුකරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් සමානත්වයට අදාළ එක කොටසක් සම්පූර්ණ කෙරෙනවා. ළමුන් සමඟ ජීවත්වීම මගින් සමස්ත වශයෙන් හානිදායක තත්වයක් උද්ගතවෙන්නේ නැහැ.”

ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) ඔක්ස්ෆර්ඩ් සරසවියේ තොරතුරු දත්ත විද්‍යාගාරයේ (DataLab) අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහුත් ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයට සහභාගි වූ විද්‍යාඥයෙකි. එක්සත් රාජධානියේ බලපැවැත්වෙන දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී ලැබෙන තොරතුරු දිගටම විශ්ලේෂණය කෙරෙන බව ආචාර්ය බෙන් ගෝල්ඩෙකර් (Dr Ben Goldacre) පවසයි. මෙම දෙවන ‘ලොක්ඩවුන්’ අදියරේ දී එක්සත් රාජධානියේ බොහෝ පළාත්වල පාසල් දිගටම විවෘතව පවත්වා ගනිමින් පවතී.

“මේ ප්‍රතිපත්තිමය මැදිහත්වීමේ සූක්‍ෂම දැනුමට අදාළ දත්ත තොරතුරු අපට හැකි පරිදි හැකි ඉක්මණින් ලබාගැනීම වැදගත්. මොකද? අපත් සමඟ ජීවත්වෙන ජනතාවට හානිකර නිසා මේ කෝවිඩ් පිළිබඳ කතාව ජීවිතය පිළිබඳ හැදෑරීමක්,” ආචාර්ය ගෝල්ඩෙකර් සඳහන් කරයි.

මෙහි සාකච්ඡාවට ගත් සමීක්ෂණයට සමාන තවත් සමීක්ෂණයක් ස්කොට්ලන්තයේ ‘ග්ලාස්ගෝ’ සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයකු වන ආචාර්ය ඩේවිඩ් මැක්ඇලිස්ටෙයාර් (Dr David McAllister) විසින් ද සිදුකරනු ලැබ ඇත. එම සමීක්ෂණයේ දී පෙන්නුම්කරනු ලැබ තිබෙන්නේ මෙවැනි තත්වයකි.

“පාසල් යන වයසේ ළමුන් ජීවත්වෙන කුටුම්භයක් ඉතා අනතුරුදායක සෞඛ්‍ය ප්‍රශ්නවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා සුදුසු ස්ථානයක් නොවේ.”

Text by bbc sandesaya

RSL

Related Posts