දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කෙරේ

Spread the love

මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල සඳහන් කරන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තා කැඳවා ඇති බවත් වාර්තා වේ.

මේ වන විට කොට්ටාවේ සිට ගාල්ල දක්වා වූ මාර්ගයේ පළමු අදියරේ වැඩ අවසන් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දෙවැනි අදියර යටතේ ලබන වසරේ මාතර දක්වා එම මාර්ගය ඉදිකිරීමට නියමිත අතර ඊට සමගාමීව හම්බන්තොට දක්වා ඉදිකිරීම්ද ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගාල්ල සිට මාතර දක්වා කොටස 2013 වසරේදී ඉදිකර අවසන් කිරීමට නියමිතයි.

RSL

Related Posts