ඩොලර් බිලියන 46ක ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්

Spread the love

ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තය ආසියාන් රටවල් වේ

මධ්‍යම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති අනුප්‍රියා පටෙල්

2021-22 දී ඩොලර් බිලියන 46ක අපනයන ඉලක්කයක් ඇති ආසියාන් රටවල් ඉන්දියාවට වැදගත් අපනයන කලාපයක් වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් (Union Minister of State for Commerce & Industry Anupriya Patel) පැවසුවාය.

මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ ඩොලර් බිලියන 400ක ගෝලීය අපනයන ඉලක්කය සපුරාලීමට උපකාරී වන බව ඇය ඊයේ (25) පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ ඉන්දියාව සහ ආසියාන් සංවිධානයේ රාජ්‍ය අතර සිදුවන වෙළඳාම දෙපාර්ශ්වයටම අතිෂයින් වැදගත් වන බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ඉංජිනේරු අපනයන ප්‍රවර්ධන කවුන්සිලය විසින් සංවිධානය කරන ලද “ඉන්දියා-ආසියාන් ඉංජිනේරු හවුල්කාරිත්ව සමුළුව (India-ASEAN Engineering Partnership Summit) විවෘත කිරීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය. ඉංජිනේරු අංශයේ සහයෝගීතාවයන් පිළිබඳව සමුළුවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

ඉංජිනේරු අපනයන වෙළඳ අපනයන වලින් 25%ක් වන අතර සියලු අපනයන අංශ අතර වැඩිම විදේශ විනිමය උපයන්නේ එමගිනි. ඉංජිනේරු අපනයන වල කාර්ය සාධනය පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

ඉන්දියාවේ ගෝලීය ඉංජිනේරු නිෂ්පාදන අපනයනයෙන් සියයට 15% කටත් වැඩි පංගුවකට ආසියාන් රටවල් හිමිකම් කියයි. මෙම අංශයේ 2021-22 සඳහා ඩොලර් බිලියන 16ක අපනයන ඉලක්ක කර ගනිමින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන කලාපයක් වනු ඇත.

ඉන්දියාව සහ ආසියාන් කලාපීය රටවලට ගෝලීය පුහුණු ජනගහනයෙන්, ශක්තිමත් සේවා හා නිෂ්පාදන අංශ වලින් විශාල කොටසක් හිමි වන අතර වැඩි සහයෝගීතාවයක් සඳහා අනුපූරක අංශ සහ නිෂ්පාදන රාශියක් පවතින බව අමාත්‍යවරිය පැවසුවාය.

ඉන්දියාව සහ ආසියාන් අතර වෙළෙඳ හා ආයෝඡන හවුල්කාරිත්වය ඉහළ නැංවීමේ සැලකිය යුතු ශක්‍යතාවක් පවතින බවත් ඉන්දියාව ඍජු විදේශ ආයෝජන සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා රජය බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බව අනුප්‍රියා පටෙල් පැවසුවාය.

වාණිජ කටයුතු අමාත්‍යාංශයට අනුව, ආසියාන් කලාපය යුරෝපා සංගමය සහ උතුරු ඇමරිකාවට පසුව ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තයයි.

ආසියාන් සාමාජික රටවල් අතර සිංගප්පූරුව සහ මැලේසියාව ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන සඳහා ප්‍රධාන අපනයන ගමනාන්ත වේ.

indianewsnetwork.com ඇසුරිණි – සැකසුම – භාතිය බරුකන්ද

Related Posts