ජ.වි.පෙ. බෙදුවාක් මෙන් එ.ජා.ප. යද බෙදීම ආණ්ඩුවේ අරමුණයි – දයා ගමගේ

Spread the love

ඊයේ (අගෝ. 15) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නැගෙනහිර පළාතේ විපක්‍ෂ නායක දයා ගමගේ මහතා පවසා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ තවදුරටත් සිටිය යුතු බවත් වික‍්‍රමසිංහ මහතා යනු ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් ඉටු කරන රූකඩයක් නොවන බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ බෙදා වෙන්කොට විනාශ කිරීමෙන් පසුව ආණ්ඩුවට දැන් අවශ්‍යව ඇත්තේ එජාපයද විනාශ කොට අතීතයේදී පැවති රජවරුන්ගේ වැනි ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට බවට ඔහු චෝදනා කොට සිටියේය.

වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂය ඉදිරියට යනු ඇති බවත්, පක්‍ෂය බෙදා වෙන් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොලැබෙන බවත් ගමගේ මහතා අවධාරණය කළේය.

උතුරුමැද පළාතේ විපක්‍ෂ නායක කස්තුරි අනුරාධනායක මෙහිදී පැවසූයේ, කියා සිටින තරම් පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සහයෝගයක් සජිත් පේ‍්‍රමදාස පාර්ශ්වයට නොමැති බවයි.

RSL

Related Posts