ජෙනරාල් ෆොන්සේකා මහතා තම මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දක්වයි

Spread the love

බන්ධනාගාර ගතව සිටින  ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා  ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය.

කැළණිය – වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහිතව සරත් ෆොන්සේකා අද පස්වරු 3.50 ට පමණ ඊට සහභාගී වුයේ විශේෂ අවසරයක් මත බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කරයි.

එහෙත්, මියගොස් සිටි තැනැත්තිය සරත් ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක වන නිසා ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුවිය.

RSL

Related Posts