ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකරනවා – අගමැති

Spread the love

දිවයිනට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුරලි මනෝහර් ජෝෂි ඊයේ (18 සැප්.) හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවස ඇත්තේ ජාතීන් අතර සුහඳතාව ගොඩනැගීම සඳහා රජය උපරිමයෙන් ක්‍රියාකර ඇත යන්නයි.
මෙහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජාතික අර්බුදය සඳහා විසඳුම් ළඟා කර ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත බව ද අග්‍රාමාත්‍යවරයා පැවසු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාව අරඹා ඇති සංවර්ධන සංග්‍රාමය හමුවේ ඉන්දීය රජය ලබාදෙන සහාය ප්‍රශංසනීය බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ආචාර්ය මුරලි මනෝහර් ජෝෂිට පවසා තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය මුරලි ‍මනෝහර් ජෝෂි පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී ඉන්දීය රජයේ ප්‍රණාමය හිමිවන බවයි.

RSL

Related Posts