ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නිතිඥ අනෝමා දිසානායක මහත්මිය කරන ඉල්ලීමකට අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුයුක්තව තිබෙන පොලිස් ඒකකයට නවක නිලධාරීන් ලබාදෙන බව පොලිස්පති එන්.කේ ඉලංගකෝන් පවසයි.
නවක නිලධාරීන් 5 දෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයට ලබාදුන් බව පොලිස්පතිවරයා පවසයි.
පසුගිය දා ලබාදුන් නිලධාරීන් පස්දෙනාට අමතරව තවත් නිලධාරීන් සම්මුඛ පරීක්ෂණ පවත්වා ලබාදීමට පියවර ගන්නා බව පොලිස්පතිවරයා පවසයි.
පොලිස්පතිවරයා සදහන් කළේ අනෝමා දිසානායක මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකයට නිලධාරින් වැඩිපුර ලබා දෙන ලෙසට තමාගෙන් ඉල්ලිමක් කර ඇති බවය.
Loading...