ජල හා විදුලි බිද වැටීම් සදහා විශේෂ සේවාව දිවයින පුරාම ක්‍රියාත්මක කරයි

Spread the love

බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි.

බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන  විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර  විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නැගේ.

ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය,  ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකො) හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නගයි.  දැනටමත් ක්‍රියාත්මක විදුලි සේවා බිදවැටුම් හා ජල සේවා බිදවැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාව හරහා පාරිභෝගික පරිශ්‍ර තුල පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල වල දෝෂ අලුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සළසා ඇත. 

එම ගැටළුව මත පදනම්ව අභ්‍යන්තර දෝෂ නඩත්තුව සදහා ප්‍රෙද්ශයේ විදුලිකාර්මිකයෙකුගේ හෝ ජල නල කාර්මිකයෙකුගේ සහාය ලබාගැනීමට අදාල පාරිභෝගිකයාට පහසුකම් සලසනු ලැබේ. ඒ සදහා දිස්ත්‍රික්කයේ පදිංචි  වෘත්තීය විදුලිකාර්මිකයින්ගේ, ජලනල කාර්මිකයින්ගේ හා අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු ශිල්පීන්ගේ තොරතුරු ගොනුවක් ද පවත්වාගෙන යයි. එම වෘත්තිකයින් පිළිබද තොරතුරු අදාල පොලිස් ස්ථාන හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ලියාපදිංචි විදුලිකාර්මිකයින් හා ජලනල කාර්මිකයින්  විසින් අනුමත සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් හා ඇදිරි නීති කාලය තුල අනුගමනය කල යුතු මාර්ගෝපදේශ වලට අනුකූලව මෙම සේවාව සලසනු ඇත. ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව හදුන්වා දුනි.  අද සිට මෙම අත්‍යවශ්‍ය නඩත්තු සදහා කාර්මික සහාය ලබාදීමේ සේවා ව දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක  වල විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ අත්‍යවශ්‍ය නඩත්තු සහ අලුත්වැඩියා සදහා මෙම විශේෂ තාක්ෂණික සේවාව ව්‍යාප්ත කෙරේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරුණ පසු අදාල විදුලිකාර්මිකයා/විදුලි උපකරණ හා වායු සමීකරණ නඩත්තු ශිල්පියා හෝ ජලනල කාර්මික ශිල්පියා අදාල පොලිස් ස්ථානයෙන් තාවකාලික ඇදිරි නීති බලපත්‍රයක් ලබාගත යුතු වේ. මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයතු වලදී අදාල ශිල්පීන් අනුගමනය කල යුතු මාර්ගෝපදේශ මාලාවක්ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත

ඒ අනුව තම පරිශ්‍රය තුල සිදුවන හදිසි බිදවැටීම් හා දෝෂ සම්බන්ධයෙන් විදුලි හා ජල පාරිභෝගිකයින්ට පහත අංක ඔස්සේ අමතා සේවාව ලබාගත හැකිය.

ජලනල කාර්මිකයෙකුගේ සේවාව සදහා    1939 (ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය)

විදුලිකාර්මිකයෙකුගේ සේවාව සදහා         1987 (ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයින් සදහා)

ලෙකො විදුලි පාරිභෝගිකයින් විදුලිකාර්මිකයෙකුගේ සේවාව සදහා             1910 අමතන්න

එසේ නැතහොත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අංක 0764271030 අමතන්න

වැඩිදුර තොරතුරු සදහා  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ-ආයතනික සන්නිවේදන, ජයනාත් හේරත් මහතා 0772943193 අමතන්න

RSL

Related Posts