ජනපති මහ බැංකුව සමග ආර්ථික සමාලෝචනයක

Spread the love

COVID-19  ව්‍යාප්තිය සමග නිර්මාණය වී ඇති සාර්ව ආර්ථික තත්ත්වයන් සමාලෝචනය කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හමු විය.

මහබැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරු තිදෙනා, බැංකු අධීක්ෂණය භාර සහකාර අධිපති සහ සංනිවේදන තාක්ෂණ අධ්‍යක්ෂ සාකච්ඡාවට එක්ව සිටියහ.

COVID-19  ව්‍යාප්තිය හමුවේ මුදල් සැපයුම පවත්වා ගැනීම සහ මූල්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති පියවර එහිදී විමර්ශනය කරනු ලැබීය.

විදේශ විනිමය අය වැය සහ බාහිර සංචිත කළමනාකරණයට අදාළ විෂයයන් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කර වල ආයෝජනය කරන්නන් තුළ උපරිම විශ්වාසය සහතික කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නැයි බැංකු නිලධාරීනට කියා සිටියේය.

සියලු බැංකු විවෘතව තබන ලෙස මහබැංකුවට දැනුම් දුන් ජනාධිපතිවරයා COVID-19  උවදුරට පසු කාලය සඳහා ආර්ථික උපායමාර්ග සම්පාදනය කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද සාකච්ඡාවට සහභාගී විය.

RSL

Related Posts