
2020 අගෝස්තු මස 05 වැනි දින පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පස්වරු 05.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණය කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (06) දින නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් වෙනවා.