ගෙවත්තට කදිමට ගැළපෙන ‘ගන්නොරුව පේර’

Spread the love

රටපුරා ගෙවතු දස ලක්ෂයක් වගා කරන ‘සෞභාග්‍ය ගෙවත්ත ‘ වැඩසටහන සමග රට පුරාම ගෙවතු වගාව ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඒ අතර එළවළු වර්ග , පළා වර්ග වගේම පලතුරු වගාවටත් ජනතාව දැඩි උනන්දුවක් දක්වනවා. එසේ ගෙවතේ පලතුරු ගසක් හෝ දෙකක් හරි සිටුවීමට කැමති ඔබට ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් වන ”ගන්නොරුව පේර” ගැන සිතා බැලිය හැකියි. මේ ගන්නොරුව පේර ගැන කතාව

පේර ගෙඩියේ මාංසල බව වැඩිය. බීජ සහිත කලාපය එතරම් ගනකමට නොපිහිටා වැඩි ඉඩක් වෙන්කරදී ඇත්තේ මාංසල ඵලාවරණයටයි. බීජ කලාපයේ වුවද කැපී පෙනෙන ලක්ෂණයක් සේ හඳුනා ගත හැක්කේ සාමාන්‍ය පේර ගෙඩිවල පිහිටන ආකාරයේ දෘඩ බීජ නොපිහිටා, මෘදු බීජ ගොමුවක් අන්තර්ගත වීමයි.

ලතින් ඇමරිකාවේ දකුණුදිග මෙක්සිකෝව ආශ‍්‍රිතව සම්භවය ලබුවායැයි විශ්වාස කරන පේර, අතීතයේදී ගෙවතු බෝගයක් මෙරට වගාකළද, මේ වනවිට වාණිජ වගාවන් මට්ටමට එනතෙක් වැඩිදියුණු වී තිබේ.

ලොව පුරා පැතිරුණු වගා වපසරිය හා නිෂ්පාදනය අනුව ගත්කල මෙය අඹ, කෙසෙල් හා පැඟිරි බෝග වලට පසුව පෙළගැසෙන සිව්වෙනි පලතුරු බෝගය සේද හැඳින්විය හැකිවේ.

පසුගිය වකවානුව තුළදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විවෘත පරාගන පේර ප‍්‍රභේද හතරක් ද, දෙමුහුම් ප‍්‍රභේද හතරක් ද නිර්දේශ කර නිදහස් කිරීමට කටයුතු කළද ඒවා වගාකරුවන් අතර එතරම් ජනප‍්‍රියතාවයකට පත් නොවුනි. දෙමුහුම් ප‍්‍රභේද යම් තරමකට වගාකරුවන් අතරට ගියත්, නෙමටෝඩාවන්ගේ හානියට තදින්ම පාත‍්‍රවීම ඒවාහි පවතින ප‍්‍රධාන දුර්වලකමක් විය.

ස්වාපරාගන බෝගයක් ලෙස වාර්තා වී තිබුණද 20% ක පමණ ප‍්‍රමාණයක් දක්වා පර පරාගනය වීම හේතුවෙන් ගොවි ක්ෂේත‍්‍රයන්හි තිබෙනා බීජ පැලවී සෑදුනු පේර ශාක අතර යම් විවිධත්වයක් හඳුනාගත හැකිවේ.

මෙම විවිධත්වය අද වනවිට බොහෝ වාණිජ වගා තුළ බැලූ බැල්මටම දකිනන්නට ඇත. මේ අතර තිබිය හැකි වැඩි අස්වැන්නක් දෙන, රෝග හා පළිබෝධකයින්ට ප‍්‍රතිරෝධීතාවයක් පෙන්වන සහ ආකර්ශනීය ඵල දරණ ප‍්‍රභේදයන් සොයායාමේ ගවේෂණයන් 2008 වසරේ සිට අරඹනු ලැබුවේ ගන්නෝරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයයි.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පලතුරු උයන් ඇසුරෙන් කළ අධ්‍යයනයකදී හඳුනාගත් ආකර්ශනීය ගති ලක්ෂණ ඇති පේර විශේෂයක් ”ගන්නොරුව පේර” යන නමින් පසුගියදා ජාතික මට්ටමෙන් නිර්දේශ කරන්නට යෙදුනේ මෙහි අවසන් ප‍්‍රතිඵලයක් වශයෙන්ය.

ග‍්‍රෑම් 420 ක පමණ සාමාන්‍ය බරකින් යුත් මෙම පේර ගෙඩියක් වටකුරු හැඩැති වන අතර, ළපටි අවධියේදී මඳ වශයෙන් දාර බේරුණු ස්වභාවයක් පෙන්වයි. පරිණත වෙත්ම එම ලක්ෂණය හඳුනා ගැනීමට ඇතැම්විට අපහසු වියහැකි වුවත් ඒ ස්වභාවය එලෙසම පවතින අවස්ථා ද තිබේ.

”ගොවි ක්ෂේත‍්‍ර වල තිබෙන කැපී පෙනෙන ගති ලක්ෂණ සහිත පේර මාදිලි එකතුකරගෙන යනවිට හමුවූ ගෙඩියක බීජ වලින් තමයි මේ වර්ගය තෝරා ගත්තේ”

ඒ ආකාරයට ආරම්භක තොරතුරු ගෙනහැර පෑවේ හොරණ, පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී එදිරිමාන්න මහත්මියයි. ගන්නෝරුවේ සේවය කරන සමයේදී මූලික කටයුතු එලෙස ආරම්භ කර ඇත්තේ ඇය විසින්ය. මධ්‍යම ප‍්‍රමාණයේ කිරුළක් සහිතව වැවෙන නව පේර ප‍්‍රභේදය, ඉහළ අස්වැන්න විභවයක්ද දරනා බව පෙනේ.

බොහෝදුරට ස්ථායී දරු පරපුරක් තමයි බීජ පැළ හරහාත් ලැබුනේ. ගෙඩියේ පොඩි පොඩි විචල්‍යතාවයන් නොතිබුනාම නෙවෙයි. ඒත් අස්වැන්න නම් වෙනස් උනේ නෑ. ගෙඩිවල හැඩය, ප‍්‍රමාණය, රස එහෙමත් බොහෝ දුරට මව් ලක්ෂණම දැරුවා”

පේර ගෙඩියේ මාංසල බව වැඩිය. බීජ සහිත කලාපය එතරම් ගනකමට නොපිහිටා වැඩි ඉඩක් වෙන්කරදී ඇත්තේ මාංසල ඵලාවරණයටයි. බීජ කලාපයේ වුවද කැපී පෙනෙන ලක්ෂණයක් සේ හඳුනා ගත හැක්කේ සාමාන්‍ය පේර ගෙඩිවල පිහිටන ආකාරයේ දෘඩ බීජ නොපිහිටා, මෘදු බීජ ගොමුවක් අන්තර්ගත වීමයි.

මේ නිසා අනුභව කිරීමේදී මාංසල කලාපය හා බීජ කලාපය අතර ලොකු වෙනසක් දැනෙන්නේ නැත. ඵල පැණි රසෙන් වැඩි බව දැනෙන්නේ සීනි අන්තර්ගතය අනෙක් පේර මාදිලි වලට වඩා ඉහළ අගයක පවතින බැවිනි. අස්වැන්න ද වැඩිය. වසර තුනක් පමණ වයස්ගත වෙන ශාකයකින් වරකට ගෙඩි 40-50 අතර සංඛ්‍යාවක් ලබාගත හැකි වන අතර වසරක් තුළ තුන් වතාවක් මෙවන් අස්වැන්නක් ලැබේ.

මහජනතාව වෙත ලබාදීම සඳහා බද්ධ පැළ 400 ක පමණ ප‍්‍රමාණයක් දැනට ගන්නෝරුවේ සුදානම් කර අවසන්ය. කෙසේවෙතත් බද්ධ පැළ නොමැතිව, බීජ හරහා ප‍්‍රචාරණය සිදුකළ හැකිද යන්නත් ආචාර්ය ශිරෝමණී විසින් පරීක්ෂා කර ඇත.

”බොහෝදුරට ස්ථායී දරු පරපුරක් තමයි බීජ පැළ හරහාත් ලැබුනේ. ගෙඩියේ පොඩි පොඩි විචල්‍යතාවයන් නොතිබුනාම නෙවෙයි. ඒත් අස්වැන්න නම් වෙනස් උනේ නෑ. ගෙඩිවල හැඩය, ප‍්‍රමාණය, රස එහෙමත් බොහෝ දුරට මව් ලක්ෂණම දැරුවා”

නෙමටෝඩාවන් නිසා සිදුවන හානිය පේර වගාකරුවන් අතර සුලභ අත්දැකීමකි. මේ සඳහා විටින්විට විවිධ නිර්දේශයන් ද ඉදිරිපත් කෙරේ.

”ගන්නොරුව පේර” සේ නම් කිරීමට යෝජිත මෙම නව මාදිලිය නෙමටෝඩාවන්ගෙන් බේරා ගැනීමේ ක‍්‍රමවේදයක් වශයෙන් ආචාර්ය ශිරෝමණී යෝජනා කරන්නේ නෙමටෝඩාවන්ට ප‍්‍රතිරෝධී ග‍්‍රාහකයක් භාවිතා කරමින් ”ගන්නොරුව පේර” ප‍්‍රචාරණය කිරීමටයි.

ඡුසාසමප ගණයටම අයත් වුවත් පේර නොවන ශාකයක ග‍්‍රාහක යොදාගෙන කරන ලද ප‍්‍රචාරණ උත්සාහයන් සාර්ථක වී තිබේ. දැනට එම වර්ගයේ ග‍්‍රාහක පැළ විශාල වශයෙන් නිපදවා අවසන් බැවින් ද, ගන්නොරුවේ පලතුරු උද්‍යානය තුළ අනුජයන් ඇති පමණ සපයාදීමට ප‍්‍රමාණවත් ”ගන්නොරුව පේර” මව්ශාක සැළකිය යුතු ගණනක් ස්ථාපනය කොට ඇති බැවින්ද, නුදුරු දිනයකදී වගාකරුවන්ගේ ඉල්ලූමට සරිලන ප‍්‍රමාණයකින් බද්ධ පැළ නිපදවා බෙදාහැරීම අපහසු ඉලක්කයක් වන්නේ නැත.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්‍ෂණික කරුණු: ආචාර්ය ශීරෝමණී එදිරිමාන්න – අධ්‍යක්‍ෂ, පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය. හොරණ

RSL

Related Posts