අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් ලබන ඉරිදා පැය 12 ක කාලයක් කෝට්ටේ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, කොස්වත්ත සහ කෝට්ටේ ප්‍රදේශවලට පස්වරු 2 සිට සඳුදා අළුයම 2 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.
එසේම රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය මෙන්ම ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග සහ රාජගිරිය ලේක් ඩ‍්‍රයිව් සහ ලේක් ගාර්ඩ්න් ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එහි සඳහන්ය.