කොවිඩ්-19 මරණ 204 දක්වා සහ ආසාදිතයින් සංඛ්‍යාව 39,571 දක්වා ඉහළට

Spread the love

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් අද (31) දින නිල වශයෙන් තහවුරු කරන ලද බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගිය බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (31) දින ප.ව 19.30ට නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වේ.

මේ අතර අද දින ප.ව 19.40ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක සදහන් වන්නේ අද දිනය තුළ අලුතින් කොවිඩ්-19 ආසාදිතයින් 592 දෙනකු වාර්තා වූ බවයි. ඒ සමග ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 39,571ක් බව ද එම වාර්තාවේ සදහන් වේ.

RSL

Related Posts