කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු ඉහළට

Spread the love

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් හදුන්වා දුන් ‘කොවිඩ් 19 නව ප්‍රවාහන ප්‍රතිපත්තියට‘ අනුව අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු තාවකාලිකව සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වු අවම බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 14 ක් ලෙස සංශෝධනය වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සදහන් කළේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් අද පස්වරුවේ නිකුත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී මාධ්‍ය හමුවේ වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ප්‍රවාහන අමාත්‍යවරයා,

‘පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දෙන්න වෙනවා. පුද්ගලික බස්රථවලට තියෙන මුදල් අවහිරකම හින්දා ලීසිං අයකරන එකත් මාස 6කට නවත්වන්න අපි කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකා බැංකුව මඟින් ඒ අයට සහන පොළියට ලක්ෂ 3 බැගින් ලබා දෙන්න කටයුතු කරනවා.“

අද රාත්‍රි යේ සිට සංශෝධනය වන බස්රථ ගාස්තු පහත දැක්වෙනවා.

RSL

Related Posts