කොරෝනා වෛරසය: සුනඛයන් මගින් රෝගීන් සොයන පරීක්ෂණයක්

Spread the love

පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

සුනඛයන්ට කොරෝනාවෛරසය හඳුනාගත හැකි ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් “ඉතා සාර්ථක ලෙස” පෙරට යමින් ඇතැයි එය මෙහෙයවනු ලබන බ්‍රිතාන්‍ය ශුභසාධක සංවිධානයක් පවසයි.

බ්‍රිතාන්‍යයේ මිල්ටන් කීන්ස් නගරයේ ‘වෛද්‍යමය පරීක්ෂණ සඳහා සුනඛයන් යොදාගැනීම’ යන තේරුම දෙන ‘Medical Detection Dogs’ නම් සංවිධානය විසින් එකී කාර්යය සඳහා සුනඛයන් හයදෙනෙකු පුහුණු කරනු ලබමින් සිටී.

එම ශුභසාධක සංවිධානයේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් (Claire Guest) පවසන්නේ, සුනඛ ඉව මගින් වෛරසය හඳුනාගැනීමේ හැකියාවක් පැවතීමේ ළකුණු එම සුනඛයන් කණ්ඩායම දැනටමත් ප්‍රදර්ශනය කරන බවය.

වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් විසින් මැලේරියාව, පිළිකා සහ පාකින්සන් රෝගය හඳුනාගැනීම සඳහාද සුනඛයන් පුරුදු පුහුණු කරනු ලැබ ඇත.

“අපේ උත්සාහය ඉතාම හොඳින් පෙරට යමින් පවතිනවා. ඇත්තෙන්ම ශුභවාදී ලකුණු දකින්න ලැබෙනවා,” වෛද්‍යවරිය පවසන්නීය.

“දැන් අපි කරමින් සිටින්නේ මේ වගේ පරීක්ෂණයක්. අපි ටෙනිස් බෝලයක් අරගෙන එහි සිහින් නූල්පටවල් කපනවා. ඊ ලඟට එම නූල්පට කඩදාසි කැබැල්ලක තියල එය හංගනවා. අපේ සුනඛයන් එය සොයා ගැනීමට සමත්වුණා. මේ සුනඛයන්ට සිතාගන්න බැරි තරමේ හැකියාවක් තියෙනව,” වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් සිය පරීක්ෂණයේ එක අදියරක් පැහැදිලි කළාය.

පරීක්ෂණය සඳහා සහභාගි කර ගනිමින් සිටින්නේ නෝර්මන්, ඩිග්බි, ස්ටෝර්ම්, ස්ටාර්, ජැස්පර් සහ අෂර් යනුවෙන් නම් තබනු ලැබ සිටින සුනඛයන් හයදෙනෙකි.

ලන්ඩන් නගරයේ ජාතික සෞඛ්‍යය සේවයේ (NHS) කාර්ය මණ්ඩල විසින් භාවිත කරනු ලැබ විෂබීජහරණය කරන ලද පාවහන් හා මේස් (socks) කකුල් ආවරණය කරන දිග මේස් (stockings) සහ මුඛ ආවරණ(masks) ආදියේ වෛරසය ඉව ඇල්ලීමට එම සුනඛයන් පුරුදු පුහුණු කෙරෙනු ඇත.

Medical Detection Dog

ලබන සතියෙහි එවැනි සාම්පල් 3,200ක් උපයෝගී කර ගැනීමට හැකිවනු ඇතැයි විශේෂඥ කණ්ඩායම බලාපොරොත්තු වෙති. එම සාම්පලවල වෛරසය අන්තර්ගත වේද? නැද්ද? යන්න විද්‍යාඥයන් විසින් පිරික්සනු ලබනු ඇත. අනතුරුව, වෛරසය ඇතුළත් සහ ඇතුළත් නොවන සාම්පල හඳුනාගැනීමේ කාර්යය සඳහා සුනඛයන් යොදවන අතර ඔවුන් සිය පුහුණුකරුවන්ට එම දෙවර්ගය අතර වෙනස ප්‍රදර්ශනය කරන්නේ දැයි විමර්ශනය කෙරේ..

තමා විසින් බේරාගන්නා ලද සුනඛයා වන ‘අෂර්’ පුහුණුවේ දී ‘පුදුමාකාර’ දක්ෂතා ප්‍රදර්ශනය කළ බව වෛද්‍ය ක්ලෙයාර් පවසයි. නිවසේ ළමුන් සහ වෙනත් සුරතල් සතුන් සමඟ මිත්‍රශීලී ගුණාංග සහිත විශ්වසනීය සුරතලකු වන ‘කොකර් ස්පනියල් ‘ සුනඛ කුලයට අයත් ‘අෂර්’ තමා ළඟට ගැනීමට පෙර හත් වතාවක් නිවසින් පළාගොස් ඇතැයි වෛද්‍යවරිය සඳහන් කළාය.

“මැලේරියාව සහ පාකින්සන් රෝගය හඳුනාගන්නේ කොහොමද? කියල ‘අෂර්’ දැනටමත් දන්නවා. ඒ නිසා කොරෝනාවෛරසය හඳුනා ගැනීමටත් ‘අෂර්’ ගැලපේවි. ‘අෂර්’ කිසිම වැරද්දකින් තොරව පුහුණුවේ දී ගඳ සුවඳ තේරුම්ගත්තා,” වෛද්‍යවරිය පැවසුවාය.

“අෂර්’ ඉතාම හොඳින් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේමයි – ‘ස්ටෝර්ම්’. පුදුමාකාර ලෙස ක්‍රියාත්මකයි. ස්ටෝර්ම්’ හරිම උනන්දුයි. පැවරෙන වැඩවලින් සතුටුවෙනවා.”

sniffer dog

එම සුනඛයන්ගේ පළමු පුහුණු සැසිය සති අටක කාලයකි. එම කාලය ඇතුළත සාර්ථක කුසලතා ප්‍රදර්ශනය කරන සුනඛ කණ්ඩායම රෝගීන් සහභාගි කර ගනිමින් සිදුකෙරෙන දෙවන අදියරේ පුහුණුවට යොමු කෙරේ.

මේ ව්‍යාපෘතිය පුළුල් මට්ටමකට ගෙනෙනු ඇතැයි බලාපොරොත්තු වෙන අතර, පුහුණු සුනඛයන්ට ගුවන් තොටුපොළ වැනි ස්ථානයන්හි දී එක පැයකට මිනිසුන් 250 ක් පමණ පරීක්ෂා කිරීමට හැකිවනු ඇත. එපමණක් නොව, එම සුනඛයන් කොරෝනාවෛරස් පරීක්ෂණ මධ්‍යස්ථාන සඳහාද යෙදවිය හැකිය..

අදාළ ව්‍යාපෘතිය සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ අරමුදලින් £500,000 ලැබේ, විද්‍යාඥයන් සහභාගි කරනු ලබන්නේ ‘ඩර්හැම්’ (Durham) සරසවිය සහ ‘සනීපාරක්ෂාව සහ ඝර්ම කලාපීය වෛද්‍ය විද්‍යාව’ සඳහා වන ලන්ඩන් විද්‍යායතනය විසිනි.

වෛද්‍ය ක්ලෙයාර් ගෙස්ට් පිළිකා රෝගීන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කිරීම ආරම්භ කර තිබෙන්නේ 2002 වසරේදීය. 2008 වසරේ ඇය ‘Medical Detection Dogs’ සංවිධානය ආරම්භ කළාය.

එයින් වසරකට පසු ඇය සතුව සිටි දැඩි ඉවක් සහිත සුනඛ විශේෂයක් වන ‘ලැබ්‍රඩෝ’ (Labrador) වර්ගයට අයත් ‘ඩේසි’ මුත්‍රාශ සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා හඳුනා ගැනීමට පුහුණු කරනු ලැබිණි. ‘ඩේසි’ සිය පුහුණුව ආරම්භ කර තිබෙන්නේ ඇයගේම ස්වාමි දුව වූ වෛද්‍ය ක්ලේයාර්ගේ පපුව පෙදෙස පහුරුගාමිනි.

තමා පියයුරු පිළිකාවට ගොදුරුව ඇති බව වෛද්‍ය ක්ලෙයාර් අනාවරණය කරගෙන තිබෙන්නේ ‘ඩේසි’ගේ එම හැසිරීමෙනි. ‘ඩේසි’ ගේ එම හැසිරීම නොවන්නට ඒවනවිට දරුණු ලෙස පැතිර තිබුණ පියයුරු පිළිකාව හඳුනා ගැනීම ඉතා අසීරුවීමට ඉඩකඩ තිබිණි.

“මේ සුනඛයන් කොතරම් දක්ෂද? කියල මම මගේ අත්දැකීමෙන් ම දන්නවා. ඔවුන් ශ්‍රේෂ්ඨයි. වැඩට සූදානම්. අපි ඉතාම ශුභවාදීව ඉන්නවා. කොරෝනාවෛරසය පරාජය කිරීමේ අරගලයට උදව්වෙන්න අපට පුළුවන්!

Text copied by bbc sandesaya

RSL

Related Posts