කොටස් වෙළඳ පොළ පිළිබඳ ජනතාවට විශ්වාසයක නැහැ – පා.ම. කිරිඇල්ල

Spread the love

මෙරට ජනතාව තුළ කොටස් වෙළඳපොල පිළිබඳ පැවති විශ්වාසය බිඳවැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඊයේ (26 ඔක්.) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ බාහිර මැදිහත්වීම් සහ සේවක අර්ථසාධක අරමුදල් භාවිත කරමින් කරන ආයෝජන මගින් කොටස් වෙළඳපොල හසුරුවන බවයි.

“කොටස් වෙළඳපොලේ රුපියල් පහේ කොටස් රුපියල් දහයේ කොටස් අර්ථ සාධක අරමුදල් යොදවන රුපියල් 100ට ගත්තාට 150ට ගත්තා. ආයෝජන කිරිම් නිසා පසුගිය අවුරුද්දේ විතරක් රුපියල් බිලියන 300ක පාඩුවක් අර්ථ සාධක අරමුදලට වූ බව අපි පෙන්නල දීලා තියෙනවා. කොටින්ම කියනවානම් කොටස් වෙළඳපොල පාවිච්චි කරල තියෙනවා කළු සල්ලි සුදු සල්ලි කරන්න. මේ කොටස් වෙළඳපොලවන ජාවාරම් ගැන අද ලෝකයේ හැම තැනම විරෝධතා ව්‍යාපාර තියෙනවා. ලංකාවටත් මේ තත්ත්වය ගැන ක්‍රම ක්‍රමයෙන් එනවා. මොකද කොටස් වෙළඳපොල ගැන විශ්වාසයක් නැත්නම් මේ කොටස් වෙළඳපොල ලංකාවේ ව්‍යාප්ත කරන්න බෑ. කොටස් වෙළඳපොල ව්‍යාප්ත කරන්න නම් සාමාන්‍ය ජනතාවට කොටස් වෙළඳපොල ගැන විශ්වාසයක් තියෙන්න ඕන. ඒ විශ්වාස අද පළුදු වෙලා”

RSL

Related Posts