කැච් 2011 රුහුණු සරසවියේදී

Spread the love

විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨය හා රුහුණු ස්වභාදහම් ගවේශකයන්ගේ සංගමය එක්ව කැච් (catch) සොඳුරු ඡායාරූප දැක්ම රුහුණු විශ්ව විද්‍යාලීය පුස්ථකාල් පරිශ්‍රයේදී අද දින ආරම්භ විය.

මෙම අවස්ථාවට රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුසරිත් මැන්දිස් මහතා සහභාගී වූ අතර එම අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ විද්‍යා පීඨ සිසුන් මෙවන් වැඩසටහන් මඟින් සමාජය තුළට ස්වභාදහම කෙරෙහි ඇති නැඹුරුව වැඩි කිරීමට දරන මෙම උත්සහය තමා ඉතා ඉහළින් අගය කොට සලකන බවයි.

එසේම මෙම අවස්ථාව සඳහා විද්‍යා පීඨා ආචාර්යවරුන් සහ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී විය.

මෙම ප්‍රදර්ශනය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතය.

RSL

Related Posts