කටුනායක 20,000ක් බෝඩිංවල සිරවී නැහැ – ඇමැති ප්‍රසන්න

Spread the love

බොඩිං වලට සීමා වී සිටි නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළද කළාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇදිරි නීතිය පැනවූ විට මෙම නිදහස් වෙළද කලාපවල  ස්ථිර සේවක සේවිකාවන්ගෙන් බහුතරය නිවෙස්වලට පිටත්ව ගොස් සිටි බවයි.

නිදහස් වෙළද කළාප වල දැනට පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය කර්මානත ශාලා හැර වසා දමා ඇති

සංඛ්‍යාව 5144 කි. ඉන් 986 දෙනෙකු කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා වල ස්ථිර සේවක සේවිකාවෝ වෙති. කටුනායක නිදහස් වෙළද කළාපයේ පිටත පිහිටි කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ඇදිරි නීතිය නිසා නිවෙස් වලට යාමට නොහැකිට අසරණව ඇතැයි පසුගියදා වාර්තා විය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම සේවක සේවිකාවක් ගම්බිම් වලට පිටත් කර යැවීම සදහා වැඩ පිළිවෙලක් සකස් කළේය. ඒ ආයෝජන මණ්ඩලය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ ඒකාබද්ධවයි. කටුනායක, බියගම, මීරිගම, මල්වතු හිරිපිටිය, මල්වත්ත, හොරණ, හා සීතාවක නිදහස් වෙළද කළාප වල ක්‍රියාත්මක වැඩ සටහනින් පුද්ගලයන් 10,100ක් ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

කටුනායක නිදහස් වෙළද කළාපයේ පසුගිය 27 වෙනිදා ක්‍රියාත්මක වූ වැඩ සටහනින් නිවෙස් බලා ගොස් ඇති පුද්ගලයින් කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන් 195 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති අතර මිනිස් බල සැපයුම් සමාගම් වල සේවක සේවිකාවෝ 1520ක් ද පිටව ගොස් ඇත.

වැඩිහිටියන්, සේවා සපයන පවුල් වල සාමාජිකයන් හා පිටස්තර පුද්ගලයන් ඇතුළු 2253 ක්ද මෙලෙස පිටව ගොස් ඇති අතර මේ පිටව ‍ගිය පිරිස අතර කුඩා දරුවන් 190 ක්ද වූහ. ඒ අනුව බස් රථ 122 කින් පුද්ගලයන් 5144 දෙනෙකු 27 වන දින ගම්බිම් බලා ගොස් තිබේ. පසුගිය 28 වන දින බියගම නිදහස් වෙළද කළාපයේ  ක්‍රියාත්මක වූ වැඩ සටහනින්  ගම්බිම් වලට යැවූ පිරිස 3264 කි.

ඉන් බියගම නිදහස් වෙළද කළාපයේ ස්ථිර සේවක සේවිකාවන් ගනන 600කි. කළාපයේ පිටත වෙනත් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් 700 දෙනෙකුද මේ අතර වූහ. ඊට අමතරව මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් 1400ක්, සේවා සපයන පවුල්වල සාමාජිකයන් 489 ක් මෙන්ම දරුවන් 75ක්ද ඒ අතර වූහ. බස්රථ 66 ක් හා වෑන් රථ 02 කින් මෙම පිරිස ගම් බිම් වලට පිටත්  කර හැරිණි.

මීරිගම වතුපිටිවල, මල්වත්ත, නිදහස් වෙළද කලාප වල පිටත් කර හැරුණු සංඛ්‍යාව 450කි. ඉන් 420 මෙම කළාපයේ ස්ථීර සේවකයන් වෙති. හොරණ නිදහස් වෙළද කළාපයෙන් මෙලෙස පිටත් කර හැරුණු පිරිස 962කි. එහි සිටියේ හොරණ නිදහස් වෙළද කළාපයේ ස්ථීර සේවක සේවිකාවන් 32 දෙනෙකු පමණි. කළාපයෙන් බාහිර කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් 606 දෙනෙක් හා මිනිස් බල සැපයුම් සමාගමේ සේවක සේවිකාවන් 279ක්ද ‍මෙමගින් ගම්බිම් බලා ගියහ. සීතාවක නිදහස් වෙළද කළාපයේ හා එම කළාපය ආශ්‍රිතව සිටි 280 දෙනෙකුද මෙම වැඩ සටහන මගින් සිය ප්‍රවාහන පහසුකම් සලසාගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබුණේ කටුනායනක  පමණක් ඇදිරි නීතිය නිසා බෝඩිං වල සිරවී සිටින පිරිස නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන් ගණන 20,000 අධික බවයි. එහෙත්  මෙම වැඩ සටහනින් මේ වන විට ගම්බිම් බලා ගොස් ඇත්තේ 10,100 ක පිරිසකි. ඉනුත් බහුතරය නිදහස් වෙළද කළාපයේ පිහිටි කර්මාන්තශාලාවල ස්ථීර සේවක සේවිකාවෝ නොවෙති.

කෙසේ වෙතත් රජය ආයෝජණ මණ්ඩලය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව ගෙන ගිය වැඩ පිළිවෙල නිසා ජනාතා විමුක්ති පෙරමුණ බොරදියෙන් මාලු බෑමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූ බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

RSL

Related Posts