ඖෂධ හිඟයට හේතුව ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා

Spread the love

වත්මන් ඖෂධ හිඟයට හේතුවී ඇත්තේ සෞඛ්‍ය අංශයේ ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාත් කොළඹගේ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරිය අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති බවයි.

ඒ හේතුවෙන් සමහර ඖෂධ වර්ගවල එක ලිපිගොනුවක් එක් ආයතනයක සිට තවත් ආයතනයක යාමට මාස ගණනාවක් ගතවන බවත් නියාමන අධිකාරියේ ගැටලු හේතුවෙන් අදාළ ඖෂධ නිකුත් කිරීමට පෞද්ගලික අංශයටද හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

Related Posts