එළවළු තොග මිල ගණන්වල තොරතුරු දුරකථනයෙන්

Spread the love

වෙළඳපොළ එළවළු තොග මිල ගණන්වල තොරතුරු දෛනිකව දැන ගැනීමට හැකිවන පරිදි විශේෂ දුරකතන අංකයක් හඳුන්වාදීමට ‍හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ලලිත් කාන්ත ජයසේකර පැවසුවේ, එතුළින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද එදිනෙදා මිල ගණන් අනුව එළවළු මිලදී ගැනීමට සහ විකිණීමට අවස්ථාව සැලසෙන බවයි.

පළමු අදියරේදී එළවළු වර්ග 23ක මිල ගණන් සැපයීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

අදාළ දුරකථන අංකය ඉදිරි දෙසතිය ඇතුළත ප්‍රකාශයට පත් කරනු ඇති.

RSL

Related Posts