එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් 20 වැනි සංශෝධනය ගැන දැක්වූ අදහස්

Spread the love

ශ්‍රී ලංකා රජය විසින් සම්මත කර ගැනීමට සැලසුම්කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට දැඩි අහිතකර බලපෑම් එල්ල වන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිෂමේ 45 වැනි සභාවාරය අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ (Michelle Bachelet) මහත්මිය පැවසුවාය.

එහිදී ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සාමයට සහ ප්‍රතිසංධානයට එල්ල වී ඇති තර්ජන වළක්වා ගැනීම සදහා ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස තමා මානව හිමිකම් පිළිබද කොමිෂමෙන් ඉල්ලා සිටින බවයි.

” ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව වේගයෙන් මානව හිමිකම් කවුන්සිලයේ වගකීම්වලින් බැහැර වෙමින් පවතින අතර ඔවුන් 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන්ද ඉවත් වුණා. යෝජනාවී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනයත් මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවල ස්වාධීනත්වයට සෘණාත්මක ලෙස බලපාන්න පුළුවන්. අනීතික ඝාතනවලට සම්බන්ධ වු හමුදා සෙබලෙකුට මාර්තු මාසයේදී ජනාධිපති සමාව හිමිවුණා. වැදගත් සිවිල් තනතුරුවලට යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධවලට සම්බන්ධ වු බවට චෝදනා ලබාසිටි හමුදා නිලධාරින් පත්කර තිබෙනවා‘ යැයි ද ඇය වැඩි දුරටත් පැවසුවාය.

RSL

Related Posts