කොළඹ මහ නගර සභා මැතිවරණයට තරඟවදින ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ අපේක්ෂකයින්ට සහය පළ කිරිමේ අරමුණින් වැල්ලවත්තේදී පැවති රැස්වීමකදී එම පක්ෂයේ කොළඹ පුරපති ධුර අපේක්ෂක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේ, එක්සත් ලංකාවක් තුළ දෙමළ ජනතාව වන අපි සිංහල ජනතාව සමඟ එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත් විය යුතුයි. නමුත් එක්සේසත්ව ජීවත්වෙනවා කියන්නේ අයිතිවාසිකම් හැරදමා අත්බැඳගෙන කටවහගෙන හිස නමාගෙන ජීවත් වීම නෙවෙයි. සැබැවින්ම සිංහල ජනතාවට තිබෙන්නාවූ ජීවත් වීම, රැකියා කිරිම, ආරක්ෂාව තහවුරු වීම, අධ්‍යාපනය යන සියලු අයිතීන් අපටත් තහවුරු වීම තමයි එක්සේසත්ව ජිවත් වීමට තිබෙන්නා වූ මූලික කොන්දේසි කියලා මම සලකන බවයි.
Loading...