උසස් පෙළ විභාගයෙන් පසු

Spread the love

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ඊළඟට තම දරුවන් යොමු කළ යුතු රැකියා අවස්ථා බහුල පිළිගත් වෘත්තීය ක්ෂේත්‍රය කුමක් ද? එම ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයකු වීම සපුරාගත යුතු අධ්‍යාපන සුදුසුකම් මොනවා ද? එම සුදුසුකම් සපුරා ගැනීම සඳහා තෝරා ගත යුතු අධ්‍යාපන ආයතන මොනවා ද? යන්නයි.

Open Arc ව්‍යාපාර සහ තාක්ෂණ පාසල කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය සහ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය සමඟ එක්ව සංවිධානය කරන අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන සම්මන්ත්‍රණය “Choices  – 2011” හි ප්‍රධානතම අරමුණ වන්නේ සිසුන් සහ දෙමාපියන් මේ පිළිබඳ දැනුවත් කර ඔවුන්ට මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට උදව්වක් වීමයි. Choices – 2011 මේ මස 10 වැනිදා පෙ. ව. 9.00 ට කොළඹ විශ්ව විද්‍යාලයේ NAT ශාලාවේදී පැවැත්වෙන අතර එය නොමිලේ පැවැත්වේ.

ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අඟ-හිඟකම් ඇති සිසුන්ට විශේෂ බැංකු ණය පහසුකම් සැපයීම සඳහා මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන පෙළේ බැංකුවක් ද සහභාගි වන බව සඳහන්. සිසුන්ට සහ ඔවුන්ගේ මවුපියන්ට ඉදිරි අධ්‍යාපන සහ වෘත්තීය කටයුතු, මූල්‍ය අවශ්‍යතා පිළිබඳ ගැටලු එම සම්මන්ත්‍රණයේදී විවෘතව සාකච්ඡා කළ හැකිය.

RSL

Related Posts