අ.පො.ස. උසස් පෙළ විභාගය විෂය නිර්දේශ දෙකක් යටතේ පැවැත්වීමේදී ගෙන තිබූ දුර්වල තීරණයන් හේතුවෙන් විද්‍යා විෂය ධාරාව යටතේ පැරණි විෂය නීර්දේශයට මුහුණ දුන් සිසුන් සඳහා විශාල අසාධාරණයක් සිදුවී ඇති බව වාර්තා වේ.
නව නිර්දේශය යටතේ වභාගයට පෙනීසිටි සිසුන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුළ පැය දෙකකින් ප්‍රශ්න 50 කට පමණක් පිළිතුරු සැපයීමට තිබියදී එම කාලය තුළම ප්‍රශ්න 60 කට පිළිතුරු සැපයීමට සිදුවීම තමන්ට කරනු ලබූ විශාල අසාධාරණයක් බව පැරණි නිර්දේශයට මුහුණ දුන් සිසූහු චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමය කියා සිටින්නේ අ.පො.ස. උසස් පෙළ වැනි තරඟකාරී විභාගයකදී මෙවන් තත්ත්වයක් උදාවීම කිසි ලෙසකින්වත් සාධාරණීයකරණය කළ නොහැකි බවයි.
Loading...