උපාධිධාරීන්ට රජයේ නව පත්වීම්

Spread the love

රට පුරා පවතින පරිපාලන නිලධාරි පුරප්පාඩු කඩිනමින් පිරවීමට රජය තීරණය කර තිබේ.

මේ වනවිට රජයේ විවිධ ආයතන සඳහා පරිපාලන නිලධාරීන් 2500ක අවශ්‍යතාවක් ඇතැයි පෙන්වා දෙන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ පරිපාලන නිලධාරීන් 500 ක පුරප්පාඩුවක් ඇතැයි ද කියයි. මෙම පුරප්පාඩුව වසර 2ක් ඇතුළත පුරවන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි.

පසුගිය කාලවල රට තුළ පැවැති විවිධ හේතු කාරණා මත පරිපාලන සේවා තරඟ විභාගය කලට වේලාවට පැවැත්වීමට නොහැකි වූ බවත් එහෙත් ඉදිරියේ දී නියමිත පරිදි එම විභාගය පවත්වා පරිපාලන නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රමවත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

වාර්ෂිකව විශ්වවිද්‍යාල වලින් පිටවන පිරිසෙන් 6000 – 7000 ත් අතර පිරිසක් පරිපාලන සේවා විභාගයට අයදුම් කළද එම විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා පිරිසෙන් සිංහල මාධ්‍යයෙන් 100 දෙනෙකු ද දෙමළ මාධ්‍යයෙන් 60 දෙනෙකු ද පමණක් තෝරා ගන්නා බවත් වසරක පුහුණුවකින් පසු ඔවුන් අනුයුක්ත කර ගන්නා බව ද ඇමැති සෙනවිරත්න මහතා කියයි.

RSL

Related Posts