උතුරු පළාතේ සංවර්ධනයට මුදල්වලින් ඩොලර් මිලියන 200 ක හිඟයක්

Spread the love

උතුරු පළාතේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල්වලින් ඩොලර් මිලියන 200ක හිඟයක් පවතින බව එනම් පළාත සඳහා වන ඒකාබද්ධ කි‍්‍රයාකාරී සැලැස්ම කි‍්‍රයාත්මක කිරීමට ඩොලර් මිලියන 289ක් අවශ්‍ය වුවද, මෙතෙක් ලැබී ඇත්තේ ඉන් ඩොලර් මිලියන 76.5ක් පමණක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.
මේ වසර මැදදී කරනු ලැබූ ඇගයීමකදී හෙළිව ඇත්තේ, මානුෂීය, නැවත යථා තත්ත්වයට පත් කිරීම හා එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වැය කොට ඇත්තේ පිළිවෙලින් සියයට 13, සියයට 32ක් හා සියයට 16ක් පමණක් බැගින් බවටයි.
උතුරු පළාතේ වෙසෙන මිලියන 1.1ක් වන ජනතාව ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ණයවී ඇතැයිද, දිනකට ඒ සඳහා වැය කිරීමට ඔවුන්ට හැකිව ඇත්තේ ඩොලරයකට අඩු මුදලක් බවත් ලෝක ආහාර වැඩසටහන කියා සිටී.


RSL

Related Posts